වැස්ස නිසා නැවතුණු IPL අවසන් තරගය

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (28) දිනයේ පැවැත්වීමට නියමිතව තිබුණ ද තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් එය අත්හැර දැමීමට සිදුවුණි.
එම නිසා අවසන් තරගය අද (29) පැවැත්වීමට නියමිතව තිබේ.
චෙන්නායි සුපර් කිංග්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් අතර අවසන් මහ තරගය පැවැත්වීමට නියමිත අතර අද පස්වරු 7.30 තරගය අහමදාබාද්හිදී පැවැත්වීමට නියමිතය.
මෙවර IPL ශූරයන්ට ඉන්දීය රුපියල් කෝටි 20ක මුදලක් පිරිනැමෙන අතර එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 70කට අධිකය.
284 Views
Comments