MAY
24
ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන තරඟ තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරඟාවලිය සදහා ක්‍රීඩකයන් සහ නිලධාරීන් 25 දෙනෙකුගෙන් සමන්විත ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ.
එම තරඟාවලිය හම්බන්තොට, සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර දෙරට අතර පළමු එක් දින ක්‍රිකට් තරඟය ජුනි මස 2 වනදා පැවැත්වේ.
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරඟාවලියට සහභාගී වීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම පවත්වනු ලබන අවසාන එක් දින ක්‍රිකට් තරඟාවලිය මෙය වේ.
209 Views
Comments