MAY
18
නවසීලන්ත කාන්තා ක්‍රිකට් පිල ශ්‍රී ලංකාවට

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ජූනි මාසයේ මෙරට සංචාරය කිරීමට නියමිතය.
එහිදී නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින සහ 20යි 20 ජාත්‍යන්තර තරඟ 3 බැගින් පැවැත්වීමට නියමිත අතර එක්දින තරඟාවලිය ICC කාන්තා ක්‍රිකට් ශූරතාවලිය යටතේ පැවැත්වෙයි.
එක්දින තරඟ ජූනි 27, 30 සහ ජූලි 03 යන දිනයන්හී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවැත්වීමට නියමිත අතර 20යි 20 තරඟ ජූලි 08, 10 සහ 12 යන දිනයන්හිදී කොළඹ පී සරා ක්‍රිකට් පිටියේදී පැවැත්වීමට නියමිතය.
235 Views
Comments