බංග්ලාදේශට එරෙහි T 20 තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

අද පැවැති තුන්වැනි තරගය ලකුණු 44කින් ජය ගනිමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහි පන්දුවාර 20 තරගාවලියේ ජය හිමි කර ගැනීමට සමත් විය.
කොළඹ එස්.එස්.සී පිටියේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කණ්ඩායම කඩුලු 3ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 158කි. එහිදී හර්ෂිතා මාධවී සමරවික්‍රම සහ නිලක්ෂි ද සිල්වා අර්ධ ශතක ලබා ගත්තේ ය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාද්ශය කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 114ක් පමණි.
ඒ අනුව තරග 3කින් සමන්විත තරගාවලිය 2ට 1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අවසන් වරට පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියක් ජය ගත්තේ 2014 වසරේදී ඉන්දීය කණ්ඩායමට එරෙහිවයි.
309 Views
Comments