ගුජරාටි ටයිටන්ස් පිලට පහසු ජයක්

ගුජරාටි ටයිටන්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර ඊයේ පැවති තරගයෙන් කඩුලු 9 ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට ගුජරාටි ක්‍රීඩකයෝ සමත් වූහ.
රාජස්ථාන් කණ්ඩායම සියලු දෙනා දැවී ලබාගත් ලකුණු 118 ක ඉලක්කය ගුජරාටි කණ්ඩායම විසින් එක් කඩුල්ලක් පමණක් දැවී පහසුවෙන් සපුරා ගන්නා ලදී.
ඒ අනුව, මෙම ජයග්‍රහණයත් සමග ගුජරාටි කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණ ගන්නට සමත්ව තිබේ.
ගුජරාටි කණ්ඩායමේ රෂීඩ් ඛාන් ලකුණු 14 කට කඩුලු 3 ක් දවා ගනිමින් තරගයේ වීරයා සම්මානය හිමිකර ගන්නට සමත් විය.
238 Views
Comments