ශ්‍රී ලංකා ක්‍රිකට් ඛේදවාචකය ගැන හිටපු නායක අර්ජුනගෙන් දෝෂාරෝපණයක්

ක‍්‍රිකට් යනු මෙරට මිලියන විසි දෙකක මිනිසුන්ට අයත් ක‍්‍රීඩාවක් මිස, මහේල ජයවර්ධන, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, ෂම්මි ද සිල්වා ඇතුළු පිරිසගේ බූදලයක් නොවන බවට ශ‍්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා කියා සිටී.
වැරදි තීරණ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව විනාශ වෙමින් ඇතැයි තරයේ කියා සිටින ඔහු, ක‍්‍රිකට් කළමනාකාරීත්වය දුර්වල බවද, 20-20, එක්දින හා ටෙස්ට් තරග වලට ක්‍රීඩා කල යුතු ක්‍රීඩකයන් කවුරුන්ද යන්නවත් නිසි ලෙස තෝරා ගැනීමට පරිපාලන අසමත් බවටද චෝදනා කර සිටී.
එසේම, ශ්‍රී ලංකා කණ්ඩායෙමේ මෑතකදී වාර්තා වන ඇතැම් හැසිරීම් වලට පරිපාලනය වගකිව යුතු බවද පවසන අර්ජුන රණතුංග මහතා, තරග පරජය වන අවස්ථා වලදී හෝ වරදක් සිදු වූ අවස්ථාවේදී ඒ පිළිබඳ වගකීම භාර ගැනීමට කිසිවෙකු නොමැති වීම ගැටළුවක් බවද අවධාරණය කර සිටී.
221 Views
Comments