රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිලට දැවැන්ත දඩයක්

ඉන්දීය ප්‍රමුඛ පෙළ තරගාවලියේ රාජස්ථාන රෝයල් කණ්ඩායම සමග පැවැති තරගයේදී අඩු පන්දුවාර වේගයක් රඳවා ගැනීම හේතුවෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට සුවිශාල දඩ මුදලක් පැනවීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ.
විදෙස් වාර්තා සඳහන් කරන ආකාරයට මෙහිදී එක් ක්‍රීඩකයෙකුට ගෙවීමට සිදු වන දඩ මුදල ඉන්දීය රුපියල් ලක්ෂ 06 ක් හෝ තරග ගාස්තුවෙන් 25% ක් වේ. එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ විසි හතරක් පමණ මුදලකි.
එම තරගයේදී කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කල විරාත් කෝලිට ඉන්දීය රුපියල් ලක්ෂ 24 ක දඩ මුදලක් පනවා ඇති අතර එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 94 ක් පමණ වන බව සඳහන් වේ.
268 Views
Comments