රුහුණු - මායා මැදි මහ විදුහල් මංගල ක්‍රිකට් ගැටුම හෙට

හේනේගම මධ්‍ය විද්‍යාල ජාතික පාසල හා හික්කඩුව ශ්‍රී සුමංගල මධ්‍ය මහා ජාතික පාසල අතර පළමු වරට පැවැත්වෙන "රුහුණු – මායා මැදි මහ ක්‍රිකට් ගැටුම" හෙට සහ අනිද්දා (21 හා 22) දෙදින හම්බන්තොට, සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
මෙම තගයේදී හේනේගම කණ්ඩායම මන්දීප නිම්සර විසින් මෙහෙයවන අතර හික්කඩුව කණ්ඩායම කවිදු තීක්ෂණ විසින් මෙහෙයවයි.
හේනේගම මධ්‍ය විද්‍යාල ජාතික පාසල් කණ්ඩායමේ ක්‍රිකට් භාර ආචාර්ය ලෙස වසන්ත රණවීර මහතා සහ ප්‍රධාන පුහුණුකරු ලෙස සාලින්ද දේශප්‍රිය මහතාත්, සහය පුහුණුකරු ලෙස කසුන් සඳරුවන් මහතාත් කටයුතු කරන අතර, හික්කඩුව ශ්‍රී සුමංගල මධ්‍ය මහා ජාතික පාසලේ ක්‍රිකට් භාර ආචාර්ය ලෙස කැලුම් ප්‍රියදර්ශන මහතා, සභාපති ලෙස දිනේෂ් රාහුබද්ධ මහතා, ප්‍රධාන පුහුණුකරු ලෙස ලක්මාල් දිසානායක මහතා හා සහය පුහුණුකරු ලෙස කාවින්ද්‍ය කොඩිතුවක්කු මහතා කටයුතු කරති
227 Views
Comments