වයඹ පළාත් කායවර්ධන තරගාවලිය මාරවිලදී
විදේශගත ඔබට
Latest_News
calendar
APR
14

වයඹ පළාත් කායවර්ධන තරගාවලිය මාරවිලදී

වයඹ පළාත් කායවර්ධන තරගාවලිය මාරවිලදී

වයඹ පළාත් පිරිමි හා කාන්තා විවෘත කායවර්ධන හා ශාරීරික තරගාවලිය මාරවිල සාන්ත සේවියර් විද්‍යාලයේදී පසුගියදා පැවැත්විණි.

 

මෙම තරගාවලිය සඳහා වයඹ පළාතේ ක්‍රීඩා සමාජ හා කායවර්ධන පුහුණු මධ්‍යස්ථාන නියෝජනය කරමින් තරගකරුවෝ සියයකට වැඩි සංඛ්‍යාවක් සහභාගි වූ බව වාර්තා වේ.

 

මෙම තරගාවලියේ පිරිමි විවෘත ශාරීරික තරගයෙන් එන්. යූ. එස්. මුෂෙස් අල්ජීන් සහ කාන්තා තරගයෙන් ආධිත්‍යා වර්ණසූරිය ප්‍රථම ස්ථාන දිනා ගැනීමට සමත් වූ අතර, අවුරුදු 40 න් ඉහළ දිවයිනටම විවෘත කායවර්ධන තරගයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ උරේෂ් කරුණාතිලක ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය.

 

වයඹ පළාත් ප්‍රථම ස්ථානය දිනා ගත්තේ ශ්‍රී ලංකා නාවුක හමුදා ක්‍රීඩා සමාජයේ මල්ෂ බණ්ඩාරයි.
 

views

204 Views

Comments

arrow-up