තරගාවලි දෙකක් සඳහා ඕස්ට්‍රේලියා ටෙස්ට් සංචිතය නම් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
19

තරගාවලි දෙකක් සඳහා ඕස්ට්‍රේලියා ටෙස්ට් සංචිතය නම් කෙරේ

තරගාවලි දෙකක් සඳහා ඕස්ට්‍රේලියා ටෙස්ට් සංචිතය නම් කෙරේ

ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගය සහ අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතය නම් කර තිබේ. ජුනි 07 වනදා ඉන්දියාව සමග ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහ තරගය පැවැත්වීමට නියමිත අතර අළු බදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය එංගලන්තය සමග ජුනි 16 වනදා ආරම්භ වීමට නියමිතය. මේ අනුව ඔස්ට්‍රේලියාව පැට් කමින්ස්ගේ නායකත්වයෙන් යුත් 17 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ඒ සඳහා නම් කර තිබේ.  

 

ඔස්ට්‍රේලියානු සුපිරි ආරම්භක පිතිකරුවෙකු වන ඩේවිඩ් වොනර් ද එම සංචිතයට නම් කර ඇති අතර ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඔහු මෙම තරගාවලි දෙකෙන් පසුව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවය.  අළු බඳුන තරගාවලිය සදහා බෙන් ස්ටෝක්ස්ගේ නායකත්වයෙන් යටතේ එංගලන්ත සංචිතය ඉදිරියේදී නම් කිරීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කළේය.

views

276 Views

Comments

arrow-up