ගයංජලී සහ දුලංගි නැවතත් ශ්‍රී ලංකා දැල්පන්දු පිල් නායකත්වයට

2022 ආසියානු දැල්පන්දු තරගාවලියේ ශූරතාවය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව සහ උප නායිකාව ලෙස කටයුතු කළ ගයංජලී අමරවංශ සහ දුලංගි වන්නිතිලක මෙවර දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියේ ද ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සහ උපනායකත්වයට තේරී පත්ව සිටිති.
ගයංජලී අමරවංශ ලෝක කුසලාන තරගාවලි දෙකක් සහ ආසියානු තරගාවලි තුනක් නියෝජනය කර ඇති ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවක් වන අතර දුලංගි වන්නිතිලක ද ලෝක කුසලාන තරගාවලියක් සහ ආසියානු තරගාවලි දෙකක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩිකාවකි.
ලබන ජූලි මස 28 වැනිදා සිට අගෝස්තු මස 6 වැනිදා දක්වා දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හි දී පැවැත්වීමට නියමිත 2023 දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව ‘සී’ කාණ්ඩය නියෝජනය කරමින් ජැමෙයිකාව, දකුණු අප්‍රිකාව සහ වේල්සය සමග තරග වැදීමට නියමිත බව වාර්තා වේ.
256 Views
Comments