බංග්ලාදේශ ක්‍රිකට් යුවතියෝ දිවයිනට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
26

බංග්ලාදේශ ක්‍රිකට් යුවතියෝ දිවයිනට

බංග්ලාදේශ ක්‍රිකට් යුවතියෝ දිවයිනට

බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්දින සහ 20-20 ක්‍රිකට් තරගාවලියක් සඳහා ඊයේ (25) දින පස්වරුවේ බංග්ලාදේශයේ ඩකා නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ. එල්.-190 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොල වෙත පැමිණ තිබේ.

 

ඔවුන් විස්සයි විස්ස තරග තුනකට සහභාගි වීමට නියමිත අතර, එම තරග SSC පිටියේදී පැවැත්වීමට නියමිතය.

 

මීට අමතරව එක් දින සීමිත ඕවර් (50) තරග තුනක් කොළඹ CCC ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

 

මෙම තරග එක්දින ලෝක කුසලාන තරග සඳහා සෘජුවම සුදුසුකම් ලැබීම සඳහා අදාල වන එම තරගාවලියේ කොටසක් ලෙස පවත්වනු ලබන තරග බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකවරයෙක් පවසා සිටියේය.
 

views

241 Views

Comments

arrow-up