දෙවන ටෙස්ට් තරගයේදී අයර්ලන්ත ක්‍රීඩකයෝ ශිල්ප දක්වති

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සාර්ථක වන්නට සමත් වූ අයර්ලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා පළමු දිනය නිමාවන විට කඩුලු 04 ක් දැවී ලකුණු 319 ක් ලබා සිටී.
අයර්ලන්ත නායක Andy Balbirnie සිය දෙවන ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වූ අතර, ඔහු ලකුණු 95 කට දවාගැනීමට රමේෂ් මෙන්ඩිස් සමත්විය.
ලකුණු 74 ක් ලබා සිටියදි ආබාධයකට ලක්වීම හේතුවෙන් Paul Stirling හට පිටියෙන් ඉවත්වීමට සිදුවූ අතර දිනය නිමා වන විට Lorcan Tucker ලකුණු 78 ක් සහ Curtis Campher ලකුණු 27 ක්ලබාගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටී.
පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය කඩුලු 2 ක් සහ අසිත ප්‍රනාන්දු සහ රමේෂ් මෙන්ඩිස් එක් කඩුල්ල බැගින් දවාගන්නා ලදී.
251 Views
Comments