පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා පිලට විශිෂ්ඨ ජයක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
18

පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා පිලට විශිෂ්ඨ ජයක්

පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා පිලට විශිෂ්ඨ ජයක්

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවති පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 280 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිල සමත්විය.

 

තරගයේ පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා පිල කඩුලු 6 ක් දැවී රැස් කළ ලකුණු 591 ට පිළිතුරු වශයෙන් අයර්ලන්ත කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා රැස් කළ හැකි වූයේ සියල්ලන් දැවී ලකුණු 143 ක් පමණි.

 

ඉන් පසු සිය දෙවන ඉනිම සඳහා පිටියට පිවිසි අයර්ලන්ත කණ්ඩායමේ ඉනිමක පරාජයෙන් බේරීමේ උත්සාහය සාර්ථක නොවූ අතර, තෙවැනි දිනයේ තේ පානයෙන් මද වේලාවකට පසු අයර්ලන්ත ක්‍රීඩකයන් සියළු දෙනා දැවී යන විට ඔවුන් රැස් කොට ගෙන සිටියේ ලකුණු 168 ක් පමණි.

 

මේ අනුව පළමු ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකා පිළට හිමි විය.


 

views

247 Views

Comments

arrow-up