ශ්‍රී ලාංකීය ක්‍රිකට් වීරවරිය හොංකොං දේශය කණපිට පෙරළයි

හොංකොං හි දී පැවති ෆෙයාර්බ්‍රේක් ආරාධිත ක්‍රිකට් තරගාවලියේ තරග හතක් තුළ ලකුණු 281 ක් සහ කඩුලු 12 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු එම තරගාවලියේ වීරවරිය ලෙස සම්මාන හිමිකර ගැනීමට සමත්ව සිටී.
ඇය විසින් එහිදී රැස්කරගන්නා ලද ලකුණු සංඛ්‍යාව තරගාවලියේ වැඩිම ලකුණු ප්‍රමාණය වූ අතර ඇය විසින් බිඳ හෙළන ලද කඩුලු සංඛ්‍යාව තරගාවලියේ දෙවැනි වැඩිම කඩුලු සංඛ්‍යාව ලෙස වාර්තා වේ.
ඇගේ පිතිකරණයේ සාමාන්‍ය 43.83 ක් සහ පන්දු යැවීමේ සාමාන්‍ය 13.75 ක් ලෙස වාර්තා වන අතර, අවසන් මහා තරගයේදී ද චමරි පන්දු 17 කදී ලකුණු 29 ක් ලබාගෙන කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත් වූවාය.
දෙවන වරට පැවැති මෙවර තරගාවලියේ ශූරතාවය වොරියර්ස් කණ්ඩායම විසින් හිමි කර ගත් අතර, චමරි නියෝජනය කළ ෆැල්කන්ස් කණ්ඩායමට තරගාවලියේ අනුශූරතාවය හිමි විය.
278 Views
Comments