ශ්‍රී ලංකා පන්දු යවන්නන් අයර්ලන්ත බලාපොරොත්තු සුන් කර දමයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
17

ශ්‍රී ලංකා පන්දු යවන්නන් අයර්ලන්ත බලාපොරොත්තු සුන් කර දමයි

ශ්‍රී ලංකා පන්දු යවන්නන් අයර්ලන්ත බලාපොරොත්තු සුන් කර දමයි

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ වැඩි වාසි අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී සිටී. දෙවන දිනය නිමා වනවිට සිය පළමු ඉනිම සඳහා අයර්ලන්තය කඩුලු 7ක් දැවී ලකුණු 117 ක් ලබා අසීරු අඩියක පසුවන අතර තරගයේ පළමු දිනය වූ ඊයේ දිනය නිමා වනවිට ශ්‍රී ලංකා පිල සිය පළමු ඉනිම සඳහා කඩුලු 4 ක් දැවී ලකුණු 386 ක් ලබා සිටියේය.

 

ඊයේ සෑඳෑ ආරක්ෂකයා ලෙස පිටියට පිවිසි ප්‍රභාත් ජයසූරිය ලකුනු 16 කටත්, ධනංජය ද සිල්වා ලකුණු 12 කටත් අද දින දැවී ගිය අතර අනතුරුව දිනේෂ් චන්දිමාල් සමගින් පිටියේ එක්වු සදීර සමරවික්‍රම 7 වන කඩුල්ලට ලකුණු 183 ක නොබිඳුනු ලකුණු සබඳතාවක් ගොඩනැගුවේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 600 සීමාව ආසන්නයට ගෙනයමිනි. දිනේෂ් චන්දිමාල් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 14 වන ශතකය අද වාර්තා කළේය.

 

වසර 6 කට පසු ටෙස්ට් කණ්ඩායමේ ස්ථානයක් හිමිවූ සදීර සමරවික්‍රම එම කැඳවීමට සාධාරණයක් ඉෂ්ට කරමින් අද තරගයේදී සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත්වූ අතර කඩුලු රකින ක්‍රීඩකයෙකු මෙලෙස ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතකයක් වාර්තා කළේ වසර 7 කට පසුවය. ඒ අනුව ශ්‍රී ලංකා පිල පළමු ඉනිමට කඩුලු 6 ක් දැවී ලකුණු 591 ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.

 

අත්හිටුවනවිට දිනේෂ් චන්දිමාල් නොදැවි ලකුණු 102ක් සහ සදීර සමරවික්‍රම නොදැවී ලකුණු 104 ක් ලබා සිටි අතර සදීර සමරවික්‍රම අද වාර්තා කළ ලකුණු 104 වාර්තා වුණේ ටෙස්ට් ඉනිමක ශ්‍රී ලංකා පිතිකරුවෙකු අංක 8 පිතිකරු ස්ථානයේ රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන අයර්ලන්තය අද තරගයේ දෙවන දිනය නිමා වනවිට කඩුලු 7 ක් දැවී ලකුණු 117 ක් රැස් කරගෙන සිටි අතර පන්දුයැවීමේදී ප්‍රභාත් ජයසූරිය කඩුලු 5ක් සහ විශ්ව ප්‍රනාන්දු කඩුලු දෙකක් දවා ගත්තේය.

views

256 Views

Comments

arrow-up