එල්. පී. එල් වලට ලංකාවට එන්න සැරසෙන විදෙස් ක්‍රීඩකයන් මෙන්න

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය එළඹෙන ජූලි 30 වනදා සිට අගෝස්තු 20 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.
මෙම තරගාවලිය සඳහා සහභාගීවීමට නියමිත විදෙස් ක්‍රීඩකයින් සම්බන්ධයෙන් ලංකා ප්‍රිමියර් ලීග් සංවිධායකයින් විසින් නිවේදනයක් නිකුත් කර ඇත.
එම නිවේදනයට අනුව පහත දැක්වෙන විදෙස් ක්‍රීඩකයින් මෙම තරගාවලිය සඳහා සහභාගිවීමට නියමිතය.
බටහිර ඉන්දීය කොදෙව් - ඩ්වේන් බ්‍රාවෝ, කයිරොන් පොලාඩ්, ජොන්සන් චාල්ස් සහ ඈශ්ලි නර්ස්
නවසීලන්තය - මිචෙල් සැන්ටර්, ඉෂ් සෝධි, ටීම් සීෆට්, ඩැරිල් මිචෙල් සහ ඩග් බ්‍රේස්වල්
අයර්ලන්තය - පෝල් ස්ටර්ලින්
නැමීබියාව - ජෙරාඩ් එරස්මස්
බංග්ලාදේශය - ශකීබ් අල් හසන්, ලිටන් දාස් සහ අෆීෆ් හොසේන්
පාකිස්තානය - මොහොමඩ් නවාස්, නෂීම් ෂා සහ වහබ් රියාස්
262 Views
Comments