ආසියානු කුසලාන ක්‍රිකට් අර්බුදය

මේ වසරේ පකිස්ථානයේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය සම්බන්ධයෙන් යළි අර්බුදයක් මතුව තිබේ. තරඟාවලියේ සත්කාරකත්වය සම්බන්ධයෙන් පකිස්ථානය ඉදිරිපත් කළ නව යෝජනාවට ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය විරෝධය පළ කිරීමත් සමගයි.
මෙහි පළමු ගැටලුව උද්ගත වූයේ ඉන්දියාව පකිස්ථානයට පැමිණිම ප්‍රතික්ෂේප කිරීමත් සමඟයි. ඒ අනුව, ඉන්දියාව සමඟ පැවැත්වෙන තරඟ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවැත්වීමටත් සෙසු තරඟ පාකිස්ථානයේ පැවැත්වීමටත් යෝජනා කර තිබේ.
එහෙත් පකිස්ථානයේ එම යෝජනාවට ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩල සිය විරෝධය පළ කර ඇති බව ක්‍රීඩා මාධ්‍යයන් සදහන් කර සිටී.
ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතයි.
265 Views
Comments