ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 7ක ජයක්

සංචාරක බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති දෙවන පන්දුවාර 20 තරඟයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද සමත් වුණා.
තරඟයේ කාසියේ වාසිය හිමි කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට බංග්ලාදේශ කණ්ඩායමට ආරාධනා කල අතර එහිදී බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 100ක් පමණි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 3ක් තුළ කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.
දෙපිල අතර තුන්වන සහ අවසන් පන්දුවාර 20 තරඟය හෙට කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.
203 Views
Comments