IPL තරගාවලියේ සුපිරි වටය ඇරඹේ

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Play-Off වටයේ තරග අද (23) සිට ආරම්භ වීමට නියමිතයි.
මූලික වටයේ තරගවලින් පසු ලකුණු සටහනේ මුල් ස්ථාන ලබා ගත් කණ්ඩායම් හතර Play-Off වටය සදහා සුදුසුකම් ලැබීය. එම කණ්ඩායම් වන්නේ,
ගුජරාට් ටයිටන්ස් (ලකුණු – 20)
චෙන්නායි සුපර් කිංග්ස් (ලකුණු – 17)
ලක්නව් සුපර් ජයන්ට්ස් (ලකුණු – 17)
මුම්බායි ඉන්දියන්ස් (ලකුණු – 16)
Play-Off වටයේ කාලසටහන පහතින්,
සුදුසුකම් ලැබීමේ පළමු තරගය : ගුජරාට් ටයිටන්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් – මැයි 23 අඟහරුවාදා රාත්‍රි 7.30ට චෙන්නායි හි එම්.ඒ. චිතම්බරම් ක්‍රීඩාංගණයේ දී.
එළිමනේටර් තරගය : ලක්නව් සුපර් ජයන්ට්ස් සහ මුම්බායි ඉන්දියන්ස් – මැයි 24 බදාදා රාත්‍රි 7.30ට චෙන්නායි හි එම්.ඒ. චිතම්බරම් ක්‍රීඩාංගණයේ දී.
සුදුසුකම් ලැබීමේ දෙවැනි තරගය: සුදුසුකම් ලැබීමේ පළමු තරගයේ පරාජිතයා සහ එළිමනේටර් තරගයේ ජයග්‍රාහකයා – මැයි 26 සිකුරාදා රාත්‍රි 7.30ට අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී.
අවසන් මහා තරගය : සුදුසුකම් ලැබීමේ පළමු තරගයේ ජයග්‍රාහකයා සහ සුදුසුකම් ලැබීමේ දෙවැනි තරගයේ ජයග්‍රාහකයා – මැයි 28 ඉරිදා රාත්‍රි 7.30ට අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී.
176 Views
Comments