කලම්බු ස්ටාර්ස් කණ්ඩායම ට සුපිරි ජයක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
22

කලම්බු ස්ටාර්ස් කණ්ඩායම ට සුපිරි ජයක්

කලම්බු ස්ටාර්ස් කණ්ඩායම ට සුපිරි ජයක්

LPL තරගාවලියේ අවසන් පූර්ව වටයේ දෙවන තරගයේ ජය කලම්ඹු ස්ටාර්ස් කණ්ඩායම ලබාගෙන ඇත.

 

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ කලම්බු ස්ටාර්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් අතර මෙම තරගය පැවත තිබිණි.

 

තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුයැවීමට ය.

 

පන්දුවාර 18 අවසානයේ කඩුලු 09ක් දැවී ගෝල් ග්ලැඩියේටර්ස් ලකුණු 108ක් රැස් කර ඇති අතර ලකුණු 109ක ඉලක්කය හඹා ගිය කලම්බු ස්ටාර්ස් පන්දුවාර 16.5ක් අවසානයේ කඩුලු 3ක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.

views

152 Views

Comments

arrow-up