20යි 20 ක්‍රිකට් ඉතිහාසයේ අඩුම ලකුණ, කඩුලු 10ට ලකුණු 15යි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
16

20යි 20 ක්‍රිකට් ඉතිහාසයේ අඩුම ලකුණ, කඩුලු 10ට ලකුණු 15යි

20යි 20 ක්‍රිකට් ඉතිහාසයේ අඩුම ලකුණ, කඩුලු 10ට ලකුණු 15යි

පිරිමි 20යි 20 ක්‍රිකට් ඉතිහාසයේ අඩුම ලකුණු සංඛ්‍යාවකට දැවුනු කණ්ඩායම බවට සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම පත්විය.

 

ඒ බිග් බෑශ් තරගාවලියේ ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමග අද (16) පැවැති තරගයේ දී පන්දු 35ක දී ලකුණු 15කට සියලු දෙනා දැවී යාමත් සමඟයි

 

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09කට ලකුණු 139ක් රැස්කර ගැනීමට සමත් විය.

 

ඒ අනුව ලකුණු 140ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායමට පන්දුවාර 5යි පන්දු 5ක් තුළ සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 15ක් පමණි.

 

ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම වෙනුවෙන් හෙන්රි තෝන්ටන් ලකුණු 03කට කඩුලු 5ක් ද වෙස් ඒගාර් ලකුණු 06කට කඩුලු 4ක් ද බිඳ හෙළීමට සමත් විය.

 

views

239 Views

Comments

arrow-up