බ්‍රසීලය පැරදූ ක්‍රොඒෂියාව අවසන් පූර්ව වටයට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
10

බ්‍රසීලය පැරදූ ක්‍රොඒෂියාව අවසන් පූර්ව වටයට

බ්‍රසීලය පැරදූ ක්‍රොඒෂියාව අවසන් පූර්ව වටයට

2022 ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයෙන් අවසන් පූර්ව වටයට පිවිසීමට ක්‍රොඒෂියාව සමත්විය.

 

ඒ ඊයේ (09) බ්‍රසීල කණ්ඩායම සමඟ පැවති තරඟය ගෝල 1ට 1ක් ලෙස සමවීමෙන් පසුව දඬුවම් පහර 4ට 2ක් ලෙස සාර්ථක කරගනිමින් තරඟය ජය ගැනීමත් සමඟයි.

 

බ්‍රසීල කණ්ඩායම වෙනුවෙන් තරඟයේ 105+1 වන මිනිත්තුවේ දී Neymar විසින් ගෝලයක් වාර්තා කිරීමට සමත් විය.

 

ක්‍රොඒෂියා කණ්ඩායම වෙනුවෙන් තරඟයේ 117 වන මිනිත්තුවේ දී B.Petkovic විසින් ගෝලයක් වාර්තා කිරීමට සමත් විය.

 

ඒ අනුව නියමිත කාලය අවසන් වන විට දෙපිලම ගෝල 1 බැගින් ලබාගෙන සම තත්ත්වයේ පසුවීම හේතුවෙන් තරඟයේ ජය දඬුවම් පහර මත තීරණය කිරීමට සිදුවිය.

 

ඒ අනුව දඬුවම් පහර 04ක් සාර්ථක කරගත් ක්‍රොඒෂියාව තරඟය ජය ගැනීමට සමත් විය.

 

බ්‍රසීල කණ්ඩායමට සාර්ථක කරගැනීමට හැකිවූයේ දඬුවම් පහර 02ක් පමණි.

 

ඒ අනුව මෙම තරඟය ජය ගැනීමත් සමඟ ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට ක්‍රොඒෂියා කණ්ඩායම සමත්විය.

 

views

187 Views

Comments

arrow-up