නෙදර්ලන්තය පැරදූ ආජන්ටිනාව අවසන් පූර්ව වටයට

2022 ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයෙන් අවසන් පූර්ව වටයට පිවිසීමට ආජන්ටිනාව අද (10) සමත්විය.
ඒ නෙදර්ලන්ත කණ්ඩායම සමඟ පැවති තරඟය ගෝල 2ට 2ක් ලෙස සමවීමෙන් පසුව දඬුවම් පහර 4ට 3ක් ලෙස සාර්ථක කරගනිමින් තරඟය ජය ගැනීමත් සමඟයි.
ආජන්ටිනා කණ්ඩායම වෙනුවෙන් තරඟයේ 35 වන මිනිත්තුවේ දී N.Molina විසින් ද තරඟයේ 73 වන මිනිත්තුවේ දී L.Messi විසින් දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් ද ගෝල වාර්තා කිරීමට සමත් විය.
නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් W.Weghorst විසින් තරඟයේ 83 වන හා 90+11 වන මිනිත්තුවල දී ගෝල 2ක් වාර්තා කිරීමට සමත් විය.
ඒ අනුව නියමිත කාලය අවසන් වන විට දෙපිලම ගෝල 2 බැගින් ලබාගෙන සම තත්ත්වයේ පසුවීම හේතුවෙන් තරඟයේ ජය දඬුවම් පහර මත තීරණය කිරීමට සිදුවිය.
ඒ අනුව දඬුවම් පහර 04ක් සාර්ථක කරගත් ආජන්ටිනාව තරඟය ජය ගැනීමට සමත් විය.
නෙදර්ලන්ත කණ්ඩායමට සාර්ථක කරගැනීමට හැකිවූයේ දඬුවම් පහර 03ක් පමණි.
ඒ අනුව මෙම තරඟය ජය ගැනීමත් සමඟ ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට ආජන්ටිනා කණ්ඩායම සමත්විය.
220 Views
Comments