ඉන්දියාව එක්දින තරඟාවලිය ජයගනී

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන තරඟ 3කින් යුත් එක්දින ක්‍රිකට් තරඟාවලියේ දෙවන තරඟය ඊයේ (12) ඉන්දියාවේ ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණි.
එම තරඟයෙන් කඩුලු 4ක ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 39යි පන්දු 4ක් තුළ දී සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 215ක් පමණි.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 50ක් ද කුසල් මෙන්ඩිස් ලකුණු 34ක් ද දුනිත් වෙල්ලාලගේ ලකුණු 32ක් ද රැස් කිරීමට සමත් විය.
පන්දු යැවීමේ දී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Mohammed Siraj හා Kuldeep Yadav කඩුලු 3 බැගින් බිඳ හෙලීමට සමත් විය.
ඒ අනුව ජයග්‍රාහී ලකුණු 216ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 43යි පන්දු 2ක් තුළ දී කඩුලු 6ක් දැවී තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කර යාමට සමත් විය.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් KL Rahul ලකුණු 64ක් ද Hardik Pandya ලකුණු 36ක් ද රැස් කිරීමට සමත් විය.
පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චාමික කරුණාරත්න හා ලහිරු කුමාර කඩුලු 2ක බැගින් බිඳ හෙලීමට සමත් විය.
ඒ අනුව මෙම තරඟය ජය ගැනීමත් සමඟ තරඟ 3කින් යුත් එක්දින ක්‍රිකට් තරඟාවලිය තරඟයක් ඉතිරිව තිබියදීම තරඟ 2-0ක් ලෙස ජය ගැනීමට ඉන්දියාව සමත් විය.
230 Views
Comments