JAN
07
ශ්‍රී ලංකා ඉන්දියා තීරණාත්මක T20 තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තරගය අද (07) දිනයේදී පැවැත්වීමට නියමිතයි.
ඒ, රාජ්කෝට් හි සෞරාෂ්ට් පිටියේදීයි.
අවසන් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (07) රාත්‍රී 7.00ට ආරම්භවීමට නියමිතයි.
කණ්ඩායම් දෙකම මේ වන විට තරග 1ට 1 බැගින් ජයගෙන සම තත්ත්වයේ පසුවන බැවින් හෙට තරගය ඉතා තියුණු මුහුණුවරක් ගනු ඇති බව ප්‍රවීන ක්‍රිකට් විස්තර විචාරකයින් සදහන් කරයි.
232 Views
Comments