ශ්‍රී ලංකාවට ලකුණු 229ක දැවැන්ත ඉලක්කයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
07

ශ්‍රී ලංකාවට ලකුණු 229ක දැවැන්ත ඉලක්කයක්

ශ්‍රී ලංකාවට ලකුණු 229ක දැවැන්ත ඉලක්කයක්

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන තරඟ 3කින් යුත් 20යි 20 ක්‍රිකට් තරඟාවලියේ තෙවන තරඟය මේ වනවිට පැවැත්වේ.

 

පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 5ක් දැවී ලකුණු 228ක් රැස් කිරීමට සමත් විය.

 

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ Suryakumar Yadav පන්දු 51කින් ලකුණු 112ක් රැස් කරමින් ශතකයක් වාර්තා කිරීමට සමත්විය.

 

ඊට අමතරව Shubman Gill ලකුණු 46ක් ද Rahul Tripathi ලකුණු 35ක් ද රැස් කිරීමට සමත් විය.

 

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිල්ශාන් මදුශංක කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් විය.

 

ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 229ක ඉලක්කයක් හිමිව තිබේ.

 

views

215 Views

Comments

arrow-up