JAN
02
එක්දින ලෝක කුසලානය සඳහා ඉන්දියාවෙන් 20 දෙනෙකුගෙන් යුත් සංචිතයක්

මේ වසරේ ඔක්තෝම්බර් 10 වනදා සිට නොවැම්බර් 26 වනදා දක්වා පැවැත්වෙන එක්දින ලෝක කුසලානය සඳහා 20 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තෝරාගෙන තිබේ.
ලෝක කුසලානය සඳහා පෙර සූදානමක් වෙනුවෙන් මෙම තෝරා පත් කර ගැනීම සිදු කර ඇති බව වාර්තා වේ.
මෙම තෝරා පත් කර ගැනීම මුම්බායි නුවර පැවති සාකච්ඡාවක දී සිදු කර ඇත.
එම සාකච්ඡාව සඳහා ඉන්දීය පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ්, නායක රෝහිත් ෂර්මා ඇතුළු පිරිසක් එක්ව තිබුණි.
224 Views
Comments