තරගාවලියට යන්න හොකී සම්මේලනය ක්‍රීඩකයෙකුගෙන් ලක්ෂ හතර හමාර බැගින් ඉල්ලයි

ඕමානයේ මස්කට්හි පැවැත්වෙන ආසියානු කුසලාන කනිෂ්ඨ හොකී තරගාවලිය සඳහා සහභාවන ක්‍රීඩකයෙකුගෙන් රුපියල් ලක්ෂ හතර හමාර බැගින් හොකී සම්මේලනය ඉල්ලා සිටියි.
ඒ මෙම තරගාවලිය සඳහා ගමන් වියදම් තමන් ම දැකිය යුතු බවට ශ්‍රී ලංකා හොකී සම්මේලනය දැනුම් දීමත් සඳහාය
මේ හේතුවෙන් ක්‍රීඩකයන් දැඩි අපහසුතාවට පත්ව සිටියි.
ඒ අනුව තරඟාවලිය සඳහා සහභාගීවීමට නියමිත ක්‍රීඩකයන් 18 දෙනාගේ ගමන් වියදම සඳහා එක් අයෙකුට රුපියල් ලක්ෂ හතර හමාර බැගින් වියදම් වන අතර ක්‍රීඩකයන්ගේ දෙමාපියන් ප්‍රකාශ කළේ පවතින දැඩි ආර්ථික දුෂ්කරතා හමුවේ එම මුදල ගෙවීම තමන්ට ගැටළුවක් වී ඇති බවයි.
195 Views
Comments