ජැෆ්නා කිංග්ස් හා කලම්බු ස්ටාර්ස් කණඩායම් එල්පීඑල් අවසන් මහා තරඟයට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
22

ජැෆ්නා කිංග්ස් හා කලම්බු ස්ටාර්ස් කණඩායම් එල්පීඑල් අවසන් මහා තරඟයට

ජැෆ්නා කිංග්ස් හා කලම්බු ස්ටාර්ස් කණඩායම් එල්පීඑල් අවසන් මහා තරඟයට

ජැෆ්නා කිංග්ස් ක්‍රීඩකයෝ ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ඊයේ(21) පස්වරුවේ සමත් වූහ.

 

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ(21) දිනයේ පළමු තරගය ලෙස පැවැති පළමු සුදුසුකම් ලැබීමේ තරගයේදී තිසර පෙරේරා මෙහෙයවන “ජැෆ්නා කිංග්ස්” පිල වනිඳු හසරංග මෙහෙයවන “කැන්ඩි ෆැල්කන්ස්” පිල ලකුණු 24 කින් (ඩක්වත් ලු‍විස් න්‍යායට අනුව) පරාජය කළේය.


මේ අතර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ ඊයේ(21) පැවති දෙවන තරගයේ ජය වාර්තා කිරීමට කලම්ඹු ස්ටාර්ස් කණ්ඩායම සමත්විය.

 

කලම්බු ස්ටාර්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති එම තරඟය වර්ෂාව හේතුවෙන් ප්‍රමාදවී ආරම්භ කෙරුණි.

 

ඒ එක් කණ්ඩායමක් පන්දුවාර 18කට සීමා කරමිනි.

 

තරඟයේ කාසියේ වාසිය දිනාගැනීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුයැවීමට ය.

 

ඒ අනුව නියමිත පන්දුවාර 18 අවසානයේ කඩුලු‍ 09ක් දැවී ගෝල් ග්ලැඩියේටර්ස් ලකුණු 108ක් රැස් කළේය.


ජයග්‍රාහී ලකුණු 109ක ඉලක්කය හඹා ගිය කලම්බු ස්ටාර්ස් පන්දුවාර 16.5ක් අවසානයේ කඩුලු‍ 3ක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.


ඒ අනුව මෙවර එල්පීඑල් තරඟාවලියේ අවසන් මහා තරඟය ජැෆ්නා කිංග්ස් හා කලම්බු ස්ටාර්ස් අතර හෙට(23) දිනයේ පැවැත්වීමට නියමිතයි.

views

182 Views

Comments

arrow-up