ප්‍රංශය අවසන් මහා තරඟයට

2022 ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලැබීමට ප්‍රංශය අද (15) සමත්විය.
ඒ මොරොක්කෝ කණ්ඩායම සමඟ පැවති අවසන් පූර්ව තරඟය ගෝල 2ට 0ක් ලෙස ජය ගැනීමත් සමඟයි.
තරඟයේ 5 වන මිනිත්තුවේ දී ම T.Hernandez විසින් ප්‍රංශ කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කිරීමට සමත් විය.
R.Kolo Muani විසින් තරඟයේ 79 වන මිනිත්තුවේ දී ප්‍රංශ කණ්ඩායම වෙනුවෙන් දෙවන ගෝලය වාර්තා කිරීමට සමත් විය.
මොරොක්කෝ කණ්ඩායමට නියමිත කාලය තුළ කිසිඳු ගෝලයක් වාර්තා කිරීමට නොහැකි විය.
ඒ අනුව අවසන් පූර්ව තරඟය ගෝල 2ට 0ක් ලෙස ජය ගනිමින් ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් මහා තරඟය සඳහා පිවිසීමට ප්‍රංශ කණ්ඩායම සමත්විය.
ඒ අනුව අවසන් මහා තරඟය 18 වනදා ඉරිදා ආජන්ටිනා කණ්ඩායම හා ප්‍රංශ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතය.
189 Views
Comments