DEC
08
LPL අතරතුර අනතුරට ලක්වූ චාමික කරුණාරත්න රෝහල්ගත කෙරේ

LPL තරඟාවලියේ ඊයේ (07) පැවති කැන්ඩ් ෆැල්කන් කණ්ඩායම හා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර තරඟයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න උඩපන්දුවක් රැකගැනීමට යෑමේ දී අනතුරට ලක්ව තිබුණි.
එම අනතුරෙන් තුවාල ලැබූ චාමිකව හම්බන්තොට සිට ගාල්ල වෙත රැගෙන ගෙන එන බව වාර්තා වේ.
අනතුරෙන් චාමිකගේ දත් හතරකට හානි සිදුව ඇති බවත් ඔහුව ශල්‍යකර්මයකට භාජනය කිරීමට සූදානම් බවත් වාර්තා වේ.
කෙසේ නමුත් LPL තරඟාවලියේ මහනුවර දී පැවැත්වෙන තරඟ සඳහා සහභාගි වීමට ඔහුට හැකියාව ඇති බව ද වාර්තා වේ.
206 Views
Comments