ශ්‍රී ලංකාවට ලකුණු 91ක පරාජයක්

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන තරඟ 3කින් සමන්විත 20යි 20 ක්‍රිකට් තරඟාවලියේ තෙවන තරඟය ඊයේ (07) පැවැත්වුණි.
එම තරඟයෙන් ලකුණු 91ක දැවැන්ත පරාජයකට ලක්වීමට ශ්‍රී ලංකාවට සිදුවිය.
පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 5ක් දැවී ලකුණු 228ක් රැස් කිරීමට සමත් විය.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ Suryakumar Yadav පන්දු 51කින් ලකුණු 112ක් රැස් කරමින් ශතකයක් වාර්තා කිරීමට සමත්විය.
ඊට අමතරව Shubman Gill ලකුණු 46ක් ද Rahul Tripathi ලකුණු 35ක් ද රැස් කිරීමට සමත් විය.
පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිල්ශාන් මදුශංක කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් විය.
ඒ අනුව ජයග්‍රාහී ලකුණු 229ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 16 පන්දු 4ක් තුළ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 137ක් පමණි.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක දසුන් ශානක ලකුණු 23ක් ද කුසල් මෙන්ඩිස් ලකුණු 23ක් ද ධනංජය ද සිල්වා ලකුණු 22ක් ද රැස් කිරීමට සමත් විය.
පන්දු යැවීමේ දී ඉන්දියානු කණ්ඩායම වෙනුවෙන් Arshdeep Singh කඩුලු 3ක් ද Hardik Pandya, Yuzvendra Chahal හා Umran Malik කඩුලු 2ක බැගින් ද බිඳ හෙලීමට සමත් විය.
ඒ අනුව එම තරඟය ජය ගැනීමත් සමඟ තරඟ 3කින් යුත් 20යි 20 ක්‍රිකට් තරඟාවලය තරඟ 2-1ක් ලෙස ජය ගැනීමට ඉන්දියාව සමත් විය.
227 Views
Comments