දිල්ලි කැපිටල්ස් පිලට විශිෂ්ඨ ජයක්

අයිපීඑල් තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් අතර තරගයෙන් කඩුලු 7 ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් විය.
පළමුව පන්දුවට පහර දුන් බැංගලෝර් කණ්ඩායම සිය පන්දු වාර 20 තුළදී කඩුලු 4 ක් දැවී ලකුණු 181 ක් ලබා ගත් අතර, දිල්ලි කණ්ඩායම පන්දු 20 ක් ඉතිරිව තිබියදී කඩුලු 3 ක් පමණක් දැවී එම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් ජය වාර්තා කරන ලදී.
දිල්ලි කණ්ඩායමේ ආරම්භක පිතිකරු පිල් සෝල්ට් පහර 8 ක් සහ හයේ පහර 6 ක් සමග ලබා ගත් ලකුණු 87 ඔවුන්ගේ ජයග්‍රහණයට හේතු විය.
251 Views
Comments