කෝලි සහ ගෞතම් ගැටේ

ඊයේ පැවති ඉන්දියන් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ ලක්නව් සුපර් ජයන්ට් කණ්ඩායම අතර තරගයෙන් පසු විරාත් කෝලි සහ ගෞතම් ගම්භීර් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබේ.
ලක්නව්හි පැවති එම තරගයෙන් රෝයල් චැලෙන්ජර්ස් බැන්ග්ලෝර් කණ්ඩායම ලකුණු 18 ක ජයක් ලබාගන්නා ලදී.
ඉන් අනතුරුව පිටිය තුළ දී බැංගලෝර් කණ්ඩායමේ සුපිරි පිතිකරු විරාත් කෝලි සහ ලක්නව් පිළේ උපදේශකවරයා ලෙස කටයුතු කරන ගෞතම් ගම්භීර් අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වී තිබේ.
ඇති වූ තත්ත්වය සමතයකට පත් කිරීමට දෙපිළේම ක්‍රීඩකයින්ටද මැදිහත් වීමට සිදු වී ඇත.
ඊයේ සිදු වූ මෙම සිදුවීමට පෙරද ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ වේගපන්දු ක්‍රීඩක නවීන් උල්හක්, විරාත් කෝලි සමග කිසියම් වචන හුවමාරුවක් සිදුකර ගන්නා ආකාරය මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි.
කෙසේ නමුත් මෙම සිද්ධියෙන් අනතුරුව ඊට සම්බන්ධ වූ තිදෙනාට එරෙහිව විනය පියවර ගැනීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන ඇත.
ඒ අනුව, IPL චර්යා ධර්ම කඩ කිරීම හේතුවෙන් විරාත් කෝලිගේ සහ ගෞතම් ගම්භීර්ගේ සම්පූර්ණ තරග ගාස්තුවෙන් 100% ක්ම දඩයක් ලෙස අය කිරීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය සඳහන් කර ඇත.
නවීන් උල්-හක්ටද තරග ගාස්තුවෙන් 50% ක දඩයක් නියම කර තිබේ.
255 Views
Comments