අයර්ලන්තයට එරෙහිව නිශාන් සහ දිමුත් ගෙන් ශතක
විදේශගත ඔබට
Latest_News
calendar
APR
26

අයර්ලන්තයට එරෙහිව නිශාන් සහ දිමුත් ගෙන් ශතක

අයර්ලන්තයට එරෙහිව නිශාන් සහ දිමුත් ගෙන් ශතක

අද (26), අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දෙවන තරගයේ තුන්වන දිනයේ ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙක් විසින් ශතක දෙකක් වාර්තා කරන ලදී.

 

ඒ නායක දිමුත් කරුණාරත්න සහ නිශාන් මධුෂ්ක යන ක්‍රීඩකයන් විසිනි.

 

එහිදී නායක දිමුත් කරුණාරත්න ලකුණු 115 ක් රැස් කළේ හතරේ පහර 15 ක් ද සමගින් වන අතර නිශාන් මධුෂ්ක ලකුණු 104 ක් වාර්තා කළේ  හයේ පහර 1 ක් සහ හතරේ පහර 14 ක් සමගිනි.

 

මෙය නිෂාන්ගේ මංගල ටෙස්ට් ශතකය අතර දිමුත්ගේ 16 වන ටෙස්ට් ශතකයයි.
 

views

290 Views

Comments

arrow-up