රග්බි ක්‍රීඩාව ගොඩගන්න ඇමති රොෂාන්ගෙන් තවත් වෑයමක්

රග්බි සංගමය විසුරුවා හැර ඒ සඳහා ස්ථාවරකරණ කමිටුවක් පත්කිරීමට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ගොනුකර තිබේ.
මෙම රීට් පෙත්සම ශ්‍රී ලංකා රග්බි සංගමයේ හිටපු සභාපති රිස්ලි ඉල්ලියාස් මහතා විසින් අභියාචනාධිකරණයේ ගොනුකර ඇත.
ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා, පණ්ඩුක කීර්තිනන්ද සහ කීර්ති තිලකරත්න යන නීතිඥවරුන් පෙන්වා දී ඇත්තේ මෙලෙස ස්ථාවරකරණ කමිටුවක් පත්කිරීම නීති විරෝධී බවයි.
පෙත්සම සලකා බැලීම ගැන තීරණය කිරීමට 11 වනදා යළි අභියාචනාධිකරණය විසින් කැඳවනු ඇත.
ශ්‍රී ලංකා රග්බි සංගමය විසුරුවා හරිමින් පසුගිය 12 වැනිදා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඒ සඳහා ස්ථාවරණකරණ කමිටුවක් පත්කිරීමත් සමග ටොරින්ටන්හි පිහිටි රග්බි සංගම් මූලස්ථානයට ක්‍රීඩා අමාත්‍යංශ බලධාරීන් විසින් මුද්‍රා තැබීමට පියවර ගෙන ඇත.
එහිදී තමන් දැනුවත් නොකර මුද්‍රා තබා එහි ඉබි යතුරු ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් රැගෙන ගොස් ඇති බවට රග්බි නිලධාරීන් චෝදනා කරයි.
රග්බි සංගමයේ හිටපු රිස්ලි ඉල්ලියාස් මහතා මේ සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ.
276 Views
Comments