සර්ෆින් ක්‍රීඩකයන් 35 දෙනෙක් ග්‍රීසියේ සිට අද දිවයිනට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
25

සර්ෆින් ක්‍රීඩකයන් 35 දෙනෙක් ග්‍රීසියේ සිට අද දිවයිනට

සර්ෆින් ක්‍රීඩකයන් 35 දෙනෙක් ග්‍රීසියේ සිට අද දිවයිනට

ග්‍රීසියේ සිට, අද උදෑසන කටුනායක ගුවන්තොටුපල ඔස්සේ ජල සරුංගල් පැදීමේ සර්ෆින් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

 

මෙම කණ්ඩායම කල්පිටිය ප්‍රදේශයේ ජල සරුංගල් සහ සුළං ඔරු පැදීමේ ක්‍රීඩා වල දින දහයක කාලයක් නිරත වීමට නියමිත බව වාර්තා වේ.

 

මෙම සංචාරය දකුණු ආසියාවේ විශාලතම ජල ක්‍රීඩා පාසල වන De Silva Wing Resort and Water Sports Center සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් සංවිධානය කර ඇති අතර, මෙම කණ්ඩායම පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් ද, ජාත්‍යන්තර සම්මාන දිනූ ශ්‍රී ලාංකීක ජල ක්‍රීඩකයන් දෙපළක් වන පැතුම් ද සිල්වා සහ උපුල් ද සිල්වා යන මහත්වරු ද කටුනායක ගුවන්තොටුපොළ පර්යන්තය වෙත පැමිණ සිටි බව සඳහන් වෙයි.

views

185 Views

Comments

arrow-up