චේතන් ශර්මා පුටුවෙන් විසි වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
18

චේතන් ශර්මා පුටුවෙන් විසි වෙයි

චේතන් ශර්මා පුටුවෙන් විසි වෙයි

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් තරගවලට ක්‍රීඩා කිරීමට සුදුසු ශාරීරික යෝග්‍යතාවකින් පසු නොවන අවස්ථාවේ එන්නත් ලබා ගනිමින් ශාරීරික යෝග්‍යතාව වැඩි කර ගන්නා බවට ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටු සභාපති චේතන් ශර්මා පසුගියදා ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කළ අතර, ඉන් දින කිහිපයකට පසු ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

 

ඔහු ඊයේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත යවා ඇත. ඔහු ඉල්ලා අස් වී ඇත්තේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ තොරතුරු හෙළිදරව් කිරීම මගින් සිය කොන්ත්‍රාත්තුව කඩ කර ඇති බවට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පැවසූ නිසාවෙනි. එය එරට ක්‍රිකට් පාලක මණ්ඩලය පිළිගෙන තිබේ. කෙසේ වෙතත් වාර්තා වන්නේ, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් චේතන් ෂර්මාට ඉල්ලා අස්වීමට නියම කළ පසු ඔහු ඉල්ලා අස් වී ඇති බවයි.

views

204 Views

Comments

arrow-up