රග්බි ලෝක කුසලානය ශ්‍රී ලංකාවට ගෙන එයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
18

රග්බි ලෝක කුසලානය ශ්‍රී ලංකාවට ගෙන එයි

රග්බි ලෝක කුසලානය ශ්‍රී ලංකාවට ගෙන එයි

මෙවර රග්බි ලෝක කුසලාන තරගාවලියේ දී ශූරයන්ට පිරිනැමෙන ලෝක කුසලානය මේ දිනවල රටවල් රැසක ප්‍රදර්ශනය කෙරෙන චාරිකාව ආරම්භ වී ඇති අතර ලංකාවේ ක්‍රීඩා ලෝලීන්ට ද රග්බි ලෝක කුසලානය සියැසින් දැකගැනීමට අවස්ථාව හිමිව ඇත.

 

අද රග්බි ලෝක කුසලානය පැරිසියේ සිට ශ්‍රී ලංකාවට රැගෙන ආ අතර එය පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ජාතික ක්‍රීඩා සභාවේ නිලධාරීන් කටුනායක ගුවන්තොටුපොල වෙත පැමිණ තිබුණු අතර ශ්‍රී ලංකා රග්බි සංගමයට එය පිළිගැනීමේ අවස්ථාවට ආරාධනා කර නොතිබුණු බවද වාර්තා වේ.

 

අද පස්වරු 3.00 සිට කොළඹ තුරඟ තරඟ පිටියේ රග්බි ලෝක කුසලානය මහජන ප්‍රදර්ශනය සඳහා තැබුණු අතර හෙට පෙරවරු 11.00 සිට පස්වරු 3.00 දක්වා කොළඹ CR & FC ක්‍රීඩාංගණයේදී එය ප්‍රදර්ශනය කෙරෙනු ඇත. අනතුරුව මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගනය වෙත රැගෙන යන රග්බි ලෝක කුසලානය පෙබරවාරි 22 වන දා පෙරවරු 10.00 සිට පස්වරු 2.00 දක්වා මහජන ප්‍රදර්ශනයට තැබීමට නියමිතය.

views

192 Views

Comments

arrow-up