එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවති තෙවැනි සහ අවසාන එක්දින ජාත්‍යන්තර තරගය කඩුලු 9කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම ඕවර 22.2කදී සියලුදෙනා දැවී රැස්කළේ ලකුණු 116කි.
ඇෆ්ගනිස්ථාන පිල වෙනුවෙන් මොහොමඩ් නබී පන්දු 23කදි ලකුණු 23ක් ලබා ගැනීමට සමත් විය.
ඊබ්‍රාහිම් සඩ්රාන් රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 22කි.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් දුෂ්මන්ත චමීර කඩුළු 4ක් දවා ගැනීමට සමත් විය.
වනිදු හසරංග පන්දුවාර 4යි පන්දු 2කදි කඩුළු 3ක් දවා ගැනීමට සමත් විය.
ලහිරු කුමාර දවා ගත් කඩුළු සංඛ්‍යාව 2කි.
මහීෂ් තීක්ෂණ දවා ගත් කඩුළු සංඛ්‍යාව 1කි.
අනතුරුව පිටියට පැමිණි ශ්‍රී ලංකා පිල පන්දුවාර 16කදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 120ක් රැස්කර ගෙන තරගයේ ජය වාර්තා කිරීමට සමත් විය.
පැතුම් නිස්සංක පන්දු 34කදී ලකුණු 51ක් රැස්කළ අතර දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 56යි.
ඒ අනුව තරග තුනකින් සමන්විත තරගාවලිය 2-1ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
275 Views
Comments