රෂීඩ් ඛාන් එක්දින තරඟාවලියෙන් ඉවතට

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරඟ දෙක සදහා ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් සහභාගී නොවන බව වාර්තා වෙයි.
පිටකොන්දේ ආබාධයක් හේතුවෙන් මේ වන විට රෂීඩ් ඛාන් පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන අතර ඔහුට තුන්වන එක්දින ක්‍රිකට් තරඟයට සහභාගිවීමේ හැකියාවද අවිනිෂ්චිත මට්ටමක පවතින බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරයි.
ඉකුත්දා නිමාවූ ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ වැඩිම කඬුලු ලාභීන් තිදෙනා අතර සිටි රෂීඩ් ඛාන් ලොව එක්දින පන්දුයවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ 6 වන ස්ථානයේ පසුවේ.
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරඟ 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලිය හෙට (02) ආරම්භ වීමට නියමිතය.
279 Views
Comments