2023 ආසියානු ක්‍රිකට් කුසලානය සම්බන්ධයෙන් අවසන් තීරණය ලබන ඉරිදා

2023 ආසියානු ක්‍රිකට් කුසලානය සම්බන්ධයෙන් වන අවසන් තීරණය ලබන ඉරිදා ප්‍රකාශයට පත් කරයි.
ඊට අදාළ ප්‍රධාන සාකච්ඡාවක් අහමදාබාද්හිදී පැවැත්විය.
ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය හා ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලවල ප්‍රධානීන් එම සාකච්ඡාව සඳහා එක්වීමට නියමිතය.
මෙවර සත්කාරකත්වය දරන පාකිස්තානය සතුව ආසියානු කුසලානය පිළිබඳ අවසන් තීරණය ඇත.
සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලානයට සහභාගිවීමට පාකිස්තානයට යා නොහැකි බව ඉන්දියාව ප්‍රකාශ කිරීමත් සමඟ තරගාවලිය පැවැත්වෙන ස්ථානය සම්බන්ධයෙන් අර්බුදයක් හට ගන්නා ලදී.
තරඟාවලිය කොටස් දෙකකට වෙන් කර ඉන්දියාව සහභාගී වන තරඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට සාකච්ඡාවේදී යෝජනා කෙරුණි.
එහි පවතින අධික උණුසුම් කාලගුණය හේතුවෙන් ඊට සහභාගී වීමට ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අකමැත්ත ප්‍රකාශ කරන ලදී.
226 Views
Comments