දකුණු අප්‍රිකානු " ඒ " ක්‍රිකට් කණ්ඩායම අද දින ලංකාවට

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරග සංචාරයක් සදහා දකුණු අප්‍රිකානු " ඒ " ක්‍රිකට් කණ්ඩායම අද දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි තිබෙනවා.
මෙම දකුණු අප්‍රිකානු කණ්ඩායම ක්‍රීඩකයින් සහ නිලධාරීන් 24 දෙනෙකුගෙන් සමන්විත වන අතර අද දින උදෑසන 08.20ට ඩුබායි සිට, එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව වාර්තා වේ.
පල්ලෙකැළේ හි පැවැත්වෙන එක් දින සීමිත ඕවර් 50 තරග 03 කට සහ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන එක් දින ටෙස්ට් ක්‍රිකට් තරග දෙකකට ද මෙම කණ්ඩායම සහභාගී වීමට නියමිතයි.
235 Views
Comments