මීටර් 800 ඉසව්ව අවුරුදු 14 න් පහළ වයස් සීමාවන් සඳහා පැවත්වීම නවත්වයි

ළමා අවධියට අනවශ්‍යය බරක පැටවීමක් ලෙස අවුරුදු 14 න් පහළ ඉව්වක් සේ මීටර් 800 ඉසව්ව ඇතුළත් කිරීම මලල ක්‍රීඩා කේෂ්ත්‍රය පුරා මතයක් පසුගියදා පතිර යන ලදී.
එහි ප්‍රතිපලයක් ලෙස අධ්‍යාපන අමාත්‍යංශය එම ඉසව්ව අවුරුදු 14 න් පහළ ඉසව්වක් ලෙස ඇතුළත් කිරීම අවලංගු කරන්නට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
අදාළ චක්‍රලේඛයට අනුව පළාත් කිහිපයකින්ම දැන ගන්නට ලැබුණේ මෙම ඉසව්ව ඇතැම් තැන් හී දී පවත්වා ඇති බවයි.
ජාතික ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප්‍රධානී වෛද්‍ය ලාල් ඒකනායක පෙන්වා දුන්නේ එම ඉසව්ව පැවත්වෙන්නේ නම් නිරන්තරයෙන් ඊට වසර කිහිපයකට පෙර කුඩා දරුවන් එම ඉසව්ව ඉලක්ක කරගෙන පුහුණුවීම්වලට යොදා ගන්නේ දැයි අධික්ෂණය කිරීමේ වැඩ පිළිවෙලක් ද ක්‍රිියාත්මක විය යුතු බවයි.
වෛද්‍යවරයා අවධාරණය කළේ කුඩා අවධියේදීම ඇතැම් අවස්ථාවලදී එම ශරීරවලට ඔරොත්තු නොදෙන පරිදි වැඩි පුහුණුවක් ලබා දීමෙන් සෞඛ්‍ය ගැටළු ඇති වූ අවස්ථා හමු වී තිබීම බවයි.
ඒ අනුව මලල ක්‍රීඩා සංගමයේ ඇතැම් ඉහළ නිලධාරීන් මෙන්ම පාසල් මට්ටමේ සහ ජාතික මට්ටමේ පුහුණුකරුවන් පිරිසක් එම ගැටලුව සඳහා ගත් තීරණය අධ්‍යාපන අමාත්‍යංශයට නිකුත් කර ඇත.
ඒ අනුව 03/2022(1) චක්‍රලේඛයේ සඳහන් පරිදි මීටර් 800 ඉසව්ව අවුරුදු 14 න් පහළ වයස් සීමාවන් සඳහා පැවත්වීම නවත්වා ඇත.
වුෂු තරග පළාත් මට්ටමෙන් පැවත්වීම සඳහා ප්‍රමාණවත් පිරිසක් නොමැති බැවින් එය සමස්ත ලංකා මට්ටමෙන් පැවත්වීමට ද මෙම ලිපියෙන් යෝජනා කර ඇති අතර ලෙදර් බෝල ක්‍රිකට් තරග පැවත්වීමේදී පාසල් ක්‍රිකට් සංගමයේ උපදෙස් පරිදි පළාත් මට්ටමෙන් තරග පවන්වා ජයග්‍රාහී කණ්ඩායම් සමස්ත ලංකා මට්ටමට ඉදිරිපත් කළ යුතු බව ද එහි සඳහන් වේ.
238 Views
Comments