ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද (04) පෙරවරු 10ට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.
තරග 3කින් සමන්විත මෙම එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය කඩුලු 6කින් ජය ගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් විය.
තරගාවලිය පිළිබඳව බලාපොරොත්තු රඳවාගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය අනිවාර්යයෙන් ජයගත යුතුය.
අද තරගයේදී ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් කිහිපයක් සිදුවීමටද නියමිත බව වාර්තා වෙයි.
අද තරගය සඳහා ආබාධයකට ලක්වූ ළහිරු කුමාර වෙනුවට දුෂ්මන්ත චමීර කැඳවා ඇති අතර දුෂාන් හේමන්ත වෙනුවට වනිඳු හසරංග ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වෙයි.
එමෙන්ම අද තරගයේදී මහීෂ් තීක්ෂණටද අවස්ථාවක් හිමිවනු ඇති වනු බව ක්‍රිකට් විචාරකයින් පවසයි.
259 Views
Comments