ආබාධයක් හේතුවෙන් යුපුන්ව විවේක ගන්වයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
29

ආබාධයක් හේතුවෙන් යුපුන්ව විවේක ගන්වයි

ආබාධයක් හේතුවෙන් යුපුන්ව විවේක ගන්වයි

ශ්‍රී ලංකා ධාවන ශූර යුපුන් අබේකොන්ට ආබාධය තත්ත්වයක් හේතුවෙන් තාවකාලිකව විවේක ගන්නා ලෙස වෛද්‍යවරු උපදෙස් ලබා දී තිබේ.

 

පසුගියදා පැවති Savona මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 අවසන් මහා තරගයේදී ඔහු මෙලෙස ආබාධයකට ලක්වූ අතර එහිදී ඇතිවූ ආබාධ තත්ත්වයත් සමග ඔහුව අද (29) දිනයේ MRI පරීක්ෂාවකට ලක්කර ඇත.

 

ඒ අනුව ඔහුගේ පාදයේ සුළු ආබාධ තත්ත්වයක් ඇතිව තිබෙන බව අනාවරණය වී ඇත. 

 

මේ හේතුවෙන් යුපුන්ව සති කිහිපයක් විවේක ගැන්විය යුතු බව වෛද්‍ය නිර්දේශය වී තිබේ.

views

307 Views

Comments

arrow-up