ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන පළමු එක්දින තරගය අද
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
02

ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන පළමු එක්දින තරගය අද

ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන පළමු එක්දින තරගය අද

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (02) හම්බන්තොට දී පැවැත්වෙයි.

 

තරගය සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී දිවා තරගයක් ලෙසින් පැවැත්වෙන අතර, අද උදෑසන 10.00ට ආරම්භවීමට නියමිතව තිබේ.

 

අද තරගය සඳහා වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණව කැඳවීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක මාධ්‍ය හමුවකට එක්වෙමින් පවසා සිටි අතර කොන්දේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් රෂීඩ් ඛාන් පළමු එක්දින තරග දෙක සඳහා සහභාගි නොවනු ඇත.

 

එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශපත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවියට (www.srilankacricket.lk) පිවිස මිලදී ගැනීමට හැකිය.

views

229 Views

Comments

arrow-up