නිල් මහ සටන බලන්න ගිය ජනපති

කොළඹ SSC ක්‍රීඩාංගණයේදී ඊයේ දෙවැනි දිනටත් කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වුණු 144 වන නිල් මහ සටන මහා ක්‍රිකට් තරගය නැරඹීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එක්ව සිටි බව වාර්තා වේ.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කොළඹ රාජකීය විද්‍යාලය සිය පළමු ඉනිමට කඩුලු 8 ක් දැවී ලකුණු 326 ක් රැස්කරගෙන සිටියදී සිය ඉනිම අත්හිටුවනු ලැබීය.
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට සිය පළමු ඉනිමට සියළු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 153 ක් පමණි. ඊයේ දිනය නිමාවනවිට කොළඹ රාජකීය විද්‍යාලය සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 168 ක් රැස්කරගෙන සිටියේය.
209 Views
Comments