පළමු ඉනිම අවසන් වන විට නවසීලන්ත පිළ ලකුණු 18 ක් ඉදිරියෙන්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ නවසීලන්ත පළමු ඉනිම වෙනුවෙන් ඔවුන් සියල්ලෝම දැවී ලකුණු 373 ක් රැස් කළ අතර ඒ ශ්‍රී ලංකාව පළමු ඉනිමේ දී රැස් කර ලකුණු 355 ට පිළිතුරු වශයෙනි. ඒ අනුව තරගයේ තුන්වැනි දිනය වන අද දිනයේ දී ශ්‍රී ලංකාවට වඩා ලකුණු 18 ක් නවසීලන්ත කණ්ඩායම ඉදිරියෙන් සිටී.
නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් අනගි ඉනිමක් ක්‍රීඩාකළ ඩැරිල් මිචෙල් 102 ක් රැස්කළ අතර ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් කඩා වට්ටා තිබූ නවසීලන්ත ඉනිම ගොඩනැගීම සඳහා මැට් හෙන්රිගේ පිත්තෙන් වේගවත් ලකුණු 72 ක් වාර්තා විය.
ආරම්භක පිතිකරු ලෙස ටොම් ලෙතම් නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ලකුණු 67 ක් වාර්තා කිරීමට සමත් වූ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු කඩුලු 4 ක් ද ලහිරු කුමාර කඩුලු 3 ක් ද කසුන් රාජිත කඩු 2 ක් ද ලබාගෙන ඇත.
272 Views
Comments